• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශ්ව ළමා දින ජාතික උත්සවය කෑගල්ලේ දී

childමෙම වසරේ විශ්ව ළමා දින උත්සවය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ දී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අශෝකා අලවත්තගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දේශපාලන නායකත්වය ද , විදෙස් තානාපතිවරුන් ඇතුළු ප්‍රභුන් රැසක් ද මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.රටේ අනාගත පරපුර වන ළමයින් ඉහළ තලයකට ඔසවා තැබීමටත්, ළමා අයිතීන්, ළමා ආරක්ෂාව හා ළමයින්ගේ සුබසාධනය ප්‍රවර්ධනය විශ්ව ළමා දින ජාතික උත්සවයේ අරමුණු අතර ප්‍රමුඛ වේ. 

විවිධ ප්‍රතිලාභ ළමයින්ට ලැබෙන ලෙස මෙම ජාතික දින උත්සවය සැලසුම් කර ඇත.මෙහි දී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක ලේකම් අශෝකා අලවත්තගේ මහත්මිය මෙසේ ද පැවැසුවාය.“ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන 2016 විශ්ව ළමා දින ජාතික උත්සවයට ළමුන් 1000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. දැයේ දරුවන් වෙනුවෙන් මෙහි දී  විවිධ වැඩසටහන් සැලසුම් කර තිබෙනවා. එමෙන් ම වාර්ෂිකව විශ්ව ළමා දිනයට සමඟාමී ව සිදුකෙරෙන සමරු මුද්දරය නිකුත් කිරීම ද, ළමා සංවර්ධන අරමුදල ශක්තිමත් කිරීම සඳහා කොඩි අලෙවිය ආරම්භ කිරීමට නියමිතයි.

දරුවන් ආරක්ෂා වී සිටින්නේ කෙසේදැයි දැක්වෙන රූකඩ සංදර්ශනය ආදිය ද මෙම වැඩසටහනට සමඟාමී ව ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අතිරේක ලේකම්වරිය පැවසුවාය.මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන, ජාතික ළමා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා චන්දිමා සිගේරා යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.