• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අනගාරික ධර්මපාලතුමාගේ 152 වන ජන්ම දින වැඩසටහනක් මාතර දී

anagarika daramapalaඅනාගත පරපුරේ ගුණාත්මක වෙනසකට ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය සමාජගත කිරීමේ අරමුණින් දේශයක් අවදි කළ ජාතියක් පුබුදු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජාතික ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා 152 වන ජන්ම දින සැමරුම් උත්සවයක් අද (15) මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

අනගාරික ධර්මපාලතුමා පිළිබඳ සමාරාධිත දේශනය පවත්වනු ලබන්නේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසිනි.අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ එතුමාගේ ජීවන චරිතය අළලා නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම ද මෙහි දී සිදුකෙරේ.

මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ උපදෙස් මත මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය වැඩසටහන සංවිධානය කරයි.

   

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.