• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 19 වැනිදා

book2016 - මාතර ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල මේ මස (19) වැනිදා පෙ.ව. 9.00 සිට මාතර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා විසින් පැවැත්වීමට නියමිත ය. 2016 මාතර ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල නිමිත්තෙන් ප්‍රවීණ ගත්කතුවර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත “මාතොට පුරාණය“ ඓතිහාසික පර්යේෂණය ග්‍රන්ථය එළිදැක්වී ද මෙහි දී සිදු කෙරේ.

පාරම්පරික දේශීය කලාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා, ජනශ්‍රැතිය හා ජන සාහිත්‍යය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා සහ විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් ද උපහාර පිරිනැමේ.දකුණු පළාත් යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය, සංස්කෘතික අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සහ දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

සංස්කෘතික බලමණ්ඩලයේ සහාය ඇති ව මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සාහිත්‍ය උත්සවය සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.