• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවය

hqdefaultඅධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය සහ දකුණ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන අංශය සංවිධානය කරනු ලබන ජාතික “ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුම් උත්සවය“ඊයේ (08)  ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. 

තිරසාර සංවර්ධනය උදෙසා සාක්ෂරතාව මැයෙන් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුනු අතර පළාත් සියල්ල ම නියෝජනය කරමින් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් දුවා දරුවන් රැසක් මේ සඳහා සහභාගී වී සිටියහ.

මෙහි දී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ එච්. පී. එම්. ලක්ෂ්මන් මහතා පෙන්වා දුන්නේ ශ්‍රි ලංකාවේ දැනට සාක්ෂරතා අගය 95.7%ක් වන බවත් 98.5%ක් දුවා දරුවන් පාසල් ගත වී ඇති  බවත්ය.

නමුත් තවමත් 1.5%ක පාසල් යන වයසේ දුවා දරුවන් විවිධ ආර්ථික හා සාමාජීය ගැටලු හේතුවෙන් පාසල් ගත කරලීමට අපොහොසත් වී ඇති බවයි. 1947 වර්ෂයේ දී ජාත්‍යන්තර සාක්ෂරතා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.