• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සුනාමි ඉවත් කිරීමේ පෙරහුරුවක්

tsunami tryelඉන්දීය සාගරයෙහි සුනාමි අවධානමක් ඇති රටවල් 29 එක්ව අන්තර් ජාතික සුනාමි ඉවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් ඊයේ (07) ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බ්‍රාහ්මණවත්ත උතුර ග්‍රාම නිලධාරී වසමේ දී එදින පෙරවරු 9-10 දක්වා  පැවැත්විණි.

එහි ආදර්ශ ආරක්ෂණ මධ්‍යස්ථානය බලපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය ශ්‍රී දර්ශණාරාම විහාරය හදුනාගෙන තිබිණි.

මේ සඳහා ගාල්ල දිසා ලේකම් කාර්යාලය, බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලපිටිය ප්‍රාදේශීය සභාව, පොලිස් ස්ථානය, බලපිටිය රෝහල, නාවික හමුදාව, යුධ හමුදාව, රතු කුරුස සංවිධානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය, පාසල් දුවා දරුවන් සහ සිවිල් වැසියන් 400කට ආසන්න පිරිසක් මේ සඳහා එක් වී සිටිය හ.මෙම වැඩසටහන ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය විසින් සංවිධානය කෙරිනි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.