• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩඩමුළුවක් මාතර දී

meetingමහජන අරමුදල් භාවිතා කරමින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සම්බන්ධව මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මේ මස (11) වැනි දින මාතර වල්ගම සරසි උත්සව ශාලාවේ දී පැවැත්වේ.

මහජන අරමුදල් භාවිත කරමින් රජය මගින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවල මුදල් අවභාවිතයකින් තොරව විනිවිදභාවයෙන් යුතුව සිදු කරවීම සඳහා ජනමාධ්‍යවේදීන් සතු කාර්යභාරය හා ඔවුන් ඒවා අධීක්ෂණය කළ යුතු ආකාරය  පිළිබඳව මෙහි දී දැනුම්වත් කෙරේ.

ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සුසැරි සෙවණ නීති උපදේශන සේවය මගින් මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සහාය මත මෙම වැඩමුළුව සංවිධානය කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.