• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර අප ස්වාමි දුවගේ සිද්ධස්ථානයේ 109 වන වාර්ෂික මංගල්‍යය ආරම්භ වේ

chatelicමාතර අප ස්වාමි දුවගේ සිද්ධස්ථානයේ 109 වන වාර්ෂික මංගල්‍යය මේ මස (01) දින සිට 11 දින දක්වා ඉතා උත්කර්ෂවත්ව පැවැත් වේ.

මේ මස (01) දින ප.ව. 4.00 ට කොඩි ගස එසවීමත් සමඟ මංගල්‍යයේ කටයුතු ආරම්භ විය.

02 වැනිදා සිට 08 වැනිදා දක්වා සෑම දිනක ම ප.ව. 4.30ට නුවාණය හා දිව්‍ය පූජා යාගය පැවැත් වේ. 09 වැනිදා ප.ව. 4.30ට දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය, 10 වැනිදා ප.ව. 4.30ට සන්ධ්‍යා මෙහෙය හා 11 ඉරු දින පෙ.ව. 8.00ට මංගල මහා දිව්‍ය පූජා යාගය ද පවත්වන්නට නියමිත ය.

මෙම මංගල්‍යයේ සියලු කටයුතු සංවිධානය හා මෙහෙයවීම සිදු කරනු ලබන්නේ සිද්ධස්ථාන පාලක ඩේමියන් අර්සකුලරත්න පියතුමන්ගේ හා සහායක පියතුමන් වශයෙන් කටයුතු කරන ප්‍රසාද් රුවන් පියතුමන්ගේ මූලිකත්වය හා මගපෙන්වීම යටතේ ය.

සෑම වසරක ම මාතර දේව මංගල්‍යය සඳහා දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වේ.මාතර "අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ" පවත්වන වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් බැතිමතුන්ගේ සුවපහසුව පිණිස සාමාන්‍ය දුම්රියන්ට අමතර ව 10 සහ 11 දිනවලදී විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.