• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමේ ව්‍යාපෘතියක්

garbegeදකුණු පළාතේ ඇති සියලු ම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට දකුණු පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

මෙහි මූලික පියවරක් ලෙස එවැනි අපද්‍රව්‍ය එකතු කිරීමේ සතියක් ඊයේ (05) වැනි දා සිට 11 වන දින දක්වා  දකුණු පළාත තුළ  ආරම්භ කරනු ලැබීය.

දකුණු පළාත් ආණ්ඩුකාරවර හේමකුමාර නානයක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන හා කෘෂිකර්ම අමාත්‍ය යූ.ඩී.ජී ආරියතිලක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ දී නිලවශයෙන් මෙම වැඩසටහන අද (06) ආරම්භ කරනු ලැබිණ. මෙම අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා සුවිශේෂී ජාලයක් සකස් කොට පරිසර අමාත්‍යාංශය මගින් ඒවා එකතු කිරීම සඳහා විවිධ ආයතන වලට කසල බදුන් මෙහි දී බෙදා දෙනු ලැබිණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.