• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 126.96ක්

plant
මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන්
20294 දෙනෙකුට රුපියල් මිලියන 126.96ක මුදලක් පොහොර සහනාධාරය වශයෙන් ගෙවීමට මේ වන විට කටයුතු කර ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ තේ ව්‍යාප්ති නිලධාරි කොට්ඨාස 20ක තේ වගා කරුවන්ගේ සමිති 172ක් ඇති අතර, එයින් සමිති 66ක සාමාජිකයින් සඳහා මෙම මූල්‍යමය ප්‍රතිපාදන ගෙවා ඇත.

ඉතිරි සමිති 106ක සාමාජිකයින් සඳහා ඉදිරියේ දී පොහොර සහනාධාරය ගෙවීමට නියමිත ය.

මෙවර පොහොර සහනාධාරය, කුඩා තේ වතු හිමි තේ වගාකරුවන් සඳහා අක්කරයකට වසරකට රුපියල් 15000ක උපරිමයකට යටත්ව සහනාධාරය ලබා දේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.