• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර රජයේ ඉඩම් සංවර්ධනයට නව වැඩපිළිවෙලක්

landමාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාස දහසයෙහි පවතින රජයේ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගැනේ.

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබාගත් ව්‍යාපෘති යෝජනා අනුව ඉදිරි කටයුතු සිදු කෙරේ. ඒ යටතේ  ප්‍රධාන වශයෙන් වැඩ යෝජනා හතරක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

රජයේ ඉඩම්වල පාංශු සංරක්ෂණය, රජයේ රක්ෂිත සංරක්ෂණය, රක්ෂිතවල වන වගාව සහ මැනුම් කිරීමකින් තොරව දීමනා පත්‍ර ලබා දී ඇති ඉඩම් සඳහා මැනුම් සිදුකර දීමනා පත්‍ර ලබාදීම ඒ අතර ප්‍රධාන වේ.දකුණු පළාත් ඉඩම් කොමසාරිස් වරයාගේ මෙහෙයවීම මත ඉදිරි කටයුතු සිදු කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.