• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බරවා රෝග මර්දන වැඩසටහනක්

barawa
බරවා රෝග මර්දන වැඩසටහනක් මේ මස (03) සහ (04) යන දෙදින ගාල්ල දිස්ත්‍රික්කය ආවරණය කරමින් පැවැත්වීමට ජාතික බරවා මර්දන ව්‍යාපාරය මගින් පියවර ගෙන ඇත.

 ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන, අම්බලන්ගොඩ, බෝපේ පෝද්දල, බලපිටිය, ගාල්ල මහනගර සභා ප්‍රදේශය, ගෝනු පීනුවල, හබරාදුව, හික්කඩුව, ඉමදුව, ඉඳුරුව සහ රත්ගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජනගහනය 670,000 ආවරණය වන සේ සමූහ ප්‍රතිකාර වැඩසටහනක් ඒ අනූව දෙදින ක්‍රියාත්මක වේ. 

මේ පිළිබඳව දැනුවත් කෙරෙන මාධ්‍ය සාකච්ඡාවක් හෙට (02) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පෙරවරු 10.00 ට, බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේවිකා මෙන්ඩිස් මහත්මිය, දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා යන අයගේ ප්‍රධානත්වයෙන්, බරවා මර්දන ව්‍යාපාරයේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

බරවා රෝගය සම්බන්ධ ව මෙරට වත්මන් තත්ත්වය, ගාල්ල දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තිය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමක්  එදින සිදු වේ

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.