• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩ මුළුවක්

RTIපාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබදව අමාත්‍යංශ ලේකම්වරුන් සහ පළාත් සභා ප්‍රධාන ලේකවරුන් දැනුවත් කිරීමේ වැඩ මුළුවක් පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, හා අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 01 වනදා පෙ.ව. 8.45 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට නියමිතය.


එහිදී තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද සංකල්පය හා එහි විකාශය යන මැයෙන් පාර්ලිමේන්තු  ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා විශේෂ දේශනයක් පවත්වනු ඇත. අනතුරුව ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ මුලික ලක්ෂණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසින් සහභාගිවන්නන් දැනුවත් කිරීමට නියමිතය.

වැඩ මුළුව අවසානයේ දී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රමුඛ පස් දෙනෙකුගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක් විසින් තොරතුරු නිලධාරීන් පත් කිරීම ,තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත ක්‍රියාත්මක කිරීමේදී පොදු අධිකාරීන් විසින් ඉටු කළයුතු කාර්ය භාරය හඳුනා ගැනීමේ  සහ ඉදිරි කටයුතු සැලසුම් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.