• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආහාර නිෂ්පාන ජාතික වැඩසටහනට අදාළ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවක්

meeting
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට (2016 – 2018) අදාළ වන මාතර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව හා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම ලබන මස (02) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී මෙය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට අදාළ ව දැනට ක්‍රියාත්මක කරමින් පවතින යෝජනා පිළිබඳ ප්‍රගතිය හා ඉදිරි කටයුතු පිළිබඳව විමසා බැලේ.පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු වලින් පැන නගින ගැටලු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ කමිටුවල සාමාජිකයින් සහභාගිවේ. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය රැස්වීම් සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.