• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අද

galleගාල්ල දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටුව අද (30) අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යාන භාරකරු කසුන් තරංග මහතා සඳහන් කර සිටියේ ඉදිරියේ දී රජයේ අනුග්‍රයෙන් ඉදිවන පළමු කැස්බෑ සංරක්ෂණාගාරය ඉදිරයේ දී දොඩම්දුව ප්‍රදේශයේදී ඉදිකිරීමට සියලු ම කටයුතු සූදානම් බවයි.

එමෙන් ම මාදු ගඟ ආශ්‍රිතව ධාවනය වන මෝටර් බෝට්ටු නිසාවෙන් හටගෙන ඇති පාරිසරික අවධානම් තත්ත්වයන් පිළිබඳව ද විශේෂ අවධානය යොමු වූ අතර,  ඒ සඳහා අවශ්‍ය උපදෙස් බලධාරීන්ට ලබා දීම සිදු විය. අම්බලන්ගොඩ, රත්ගම ප්‍රදේශයන් හි පසුගිය කාලයන්හි ඇති ව තිබූ රතු කුරුමිණි පොල් උවදුර සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් මේ වන විට ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇත.

එය ඉතා සාර්ථක මට්ටමින් මැඩපැවැත්විය හැකි බවට ඔවුහු සහතික වූහ. ඉදිරියේ දී නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රඹුටන් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් රඹුටන් පැල 1000ක් වගා කරුවන් 18 දෙනෙකු වෙත බෙදා හැරීමට සියලු කටයුතු සූදානම් අතර, හොරණ පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් මෙම පැල ප්‍රදානය සිදු කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.