• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් ගාල්ලේදී

meeting2016
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊයේ (29) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ආරම්භයේ දී වැට් පිළිබඳව පැහැදිලි කිරීමක් සමසභාපති අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ඉදිරිපත් කළ අතර, එය ප්‍රගතිශීලී බදු ප්‍රතිපත්තියක් බවට හඳුන්වා දීමට ඉදිරියේ දී කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හොඳම පාසල් වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 698කට රුපියල් මිලියන 2170.2ක මුදලක් වෙන්ව ඇති බව ට මෙහිදී සඳහන් වූ අතර, එහි පවතින විවිධ අඩු පාඩු සහ දුෂ්කරතා සඳහා කමිටුවේ අදහස් යෝජනා විය.

එමෙන් ම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක 2016 පරිසර හිතකාමී ගම්මාන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උක්වත්ත ග්‍රාමසේවා වසමට රුපියල් මිලියන 7ක මුදලක් වෙන් වී ඇති බව දිවිනැගුම ගාල්ල දිස්ත්‍රික් සහකාර කොමසාරිස්තුමිය සඳහන් කර සිටියාය. 

සමසභාපති අමාත්‍ය චන්දිම වීරක්කොඩි, සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ලාල් යන මහත්වරු ඇතුළුව පළාත් සභා මහජන නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.