• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොටවිල අලුත් පොලිසිය වැඩ අරඹයි

policeමාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටවිල ප්‍රදේශයේ අලුතින් ඉදි කළ ශ්‍රී ලංකාවේ 450 වන පොලිස් ස්ථානය පසුගියදා නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙතෙක් වැලිගම පොලිස් බලප්‍රදේශයට අයත්ව තිබූ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14 ක ජනතාවගේ රාජකාරි අවශ්‍යතා ඉටු කිරීමට කොටවිල පොලිසියට එමගින් අවස්ථාව උදාකර දී ඇත.නව පොලිසියට මේ වන විට පැමිණිලි 25 ට අධික ප්‍රමාණයක් ලැබී තිබේ.

ඒ අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ බරපතල නොවන පහරදීම් සහ බැන තර්ජනය කිරීම් ය.කොටවිල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ චන්ද්‍ර ජයවික්‍රම මහතා ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.