• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෑගල්ල අවතැන්වුවන්ට ජීවනෝපාය වැඩසටහනක්

kegalle
ආපදාවෙන් අවතැන්වු කෑගල්ල ,අරනායක, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වතු ජනතාව වෙනුවෙන් ජිවනෝපාය වැඩ සටහනක් ආරම්භ කර ඇත.


ඉතාලියේ කරිටාස් ආයතනයේ මුල්‍ය අනුග්‍රහයෙන් සිදු කරන මෙම ජීවනෝපාය වැඩ සටහනෙහි සමාරම්භක වැඩ සටහන අද  කෑගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී  පැවැත්විණි.  මෙහිදි ප්‍රතිලාභීන්  80 කට මුල්‍ය ප්‍රදානයන් සිදු කරන ලදි. අදියර කිහිපයක් යටතේ  සිදු වන මෙම වැඩ සටහනේ මුල් අදියර ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක විය. 

මෙහිදි අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසූරිය මහතා, පසුගිය ආපදා තත්වය හමුවේ රජය හා රාජ්‍ය  නිලධාරීන් අති විශාල  කාර්ය භාරයක් ඉටු කරනු ලැබුවා.  මේ පිළීබදව  ආපදාවන්ට ලක් වුවන්ටද අවබෝධයක් තිබිය යුතුයි. ආපදාවෙන් හානියට පත්  ජනතාවගේ ජීවනෝපායන් ගොඩ නැංවීමට ක්‍රියාත්මක මෙවැනි වැඩ සටහන් සැමගේ ඇගයීමට ලක් විය යුතු බවද  පැවසීය.

මෙම අවස්ථාවට කරිටාස්  සෙත්මිණි ආයතනයේ රත්නපුර හා  කෑගල්ල ප්‍රධානී ඇන්තනී ශ්‍රියාන් පියතුමා, කෑගල්ල ප්‍රාදේශිය ලේකම්  නාලිකා පියසේන, අරනායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ් එන් පයිසාල් , ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත් මහත්ම මහත්මීන්ද ප්‍රතිලාභීන් ඇතුළු  විශාල පිරිසක් සහභාගී වුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.