• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කිරීමේ වැඩසටහනක්

hotel
සංචාරක හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සඳහා තරුණ තරුණියන් යොමු කිරීමේ වැඩසටහනක් මේ මස 25 සහ 26 යන දෙදින පෙ.ව 8.30ට ගාල්ල, හබරදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉතාමත් වේගයෙන් වර්ධනය වන අතර, එහි ඝෘජු හා වක්‍ර රැකියා අවස්ථා පුළුල් වෙමින් පවතී.

එය තරුණ තරුණියන් උදෙසා රැකියා පහසුකම් ලබා දීමට  මහඟු අවස්ථාවක් වනු ඇත.මෙම වැඩසටහන සඳහා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, රුහුණු සංචාරක කාර්යංශය හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ආයතන සහභාගී වීමට නියමිත අතර, රජය මගින් පවත්වන පුහුණු පාඨමාලා, විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා තරුණ තරුණියන් බඳවා ගැනීම ද මෙම වැඩසටහනේ දී සිදු වේ.

මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් වැඩසටහන සංවිධානය කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.