• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර

Sinigama Devolaඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මෙවරත් වීථි සංචාරය කිරීමට නියමිතය.

පළමු වරට විනෝද ආඥා පනත යටතේ ජාතික උත්සවයක් වශයෙන් ගැසට් කරන ලද සීනිගම දෙවොල් පෙරහැර 49 වන වරට මෙසේ වීථි සංචාරය කෙරේ.

මේ මස 26 වන දින  ආරම්භ කෙරෙන මෙම මහෝත්සවයේ පළමු පෙරහැර මෙම මස 28 වන දින දිවා කාලයේ වීථි සංචාරය කෙරේ. අවසන් පෙරහැර මේ මස 31 වන දින රාත්‍රී 10.00ට වීථි සංචාරය කිරීමට නියමිත අතර, පසු දිනට යෙදෙන දෙවොල් මඩු ශාන්තිකර්ම යාගයෙන් සහ දේවදානයෙන් පුජෝත්සවයේ වැඩ කටයුතු නිම කිරීමට සියලු කටයුතු යොදා ඇත.

අලි ඇතුන් 20ක් සහ නර්තන කණ්ඩායම් 60කින් පමණ සමන්විත දේවාලයේ ඇසළ පෙරහැර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත.

ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණ විශේෂ කමිටුවක් අද දින(22) අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.