• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා හික්කඩුව කලාපයේ ව්‍යපාරික ස්ථාන දැනුම්වත් කෙරේ

child
ඉදිරියේ එළඹෙන සංචාරක සමය ආරම්භ වීමත් සමඟ වර්ධනය වෙතැයි සැක කරන ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංචාරක කලාපයේ ව්‍යපාරික ස්ථාන සහ ස්ථානීය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්විණි.

ජාතික ළමා රක්ෂක අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සියලු ම නිලධාරීන් මේ සඳහා සහභාගී වී සිටි අතර, මෙවැනි කාල සීමාවන් තුළ දී සිදු විය හැකි ළමා අපයෝජන පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීම මෙහි මුලිකම අරමුණ විය. 

ලිංගික අපයෝජන සහ මත්ද්‍රව්‍ය වැනි තත්ත්වයන් සඳහා ළමයින් ගොදුරු වීම, නිවෙස් තුළ සිදුවන ළමා අපයෝජන යනාදිය පිළිබඳව ද මෙහිදී වැඩි දුර අවධානය යොමු කෙරිණ. මේ අවස්ථාව සඳහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් දමයන්ති පරණගම මහත්මියද එක්ව සිටියා ය.

වෙරළාශ්‍රිත දරුවන් ආක්ෂාකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක අවශ්‍යතාවය ද මෙහිදී ඉස්මතු කෙරිණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.