• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු පනත පිළිබඳ ව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්

Hon GayanthaK. RTI meeting galle
“රජයක් හැටියට මාධ්‍යවේදීන් ඉහළ නැංවීමට අවශ්‍ය සියලු ම පියවර ගන්නා" බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා ගාල්ල සී ලයින් හෝටලයේ දී තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පසුගිය කාලයේ මාධ්‍ය වාර්තාකරණය, ප්‍රවෘත්තිය පාලනය සිදුකරනු ලැබූයේ එක් ස්ථානයකින් බවයි. එසේ නමුත් අද එම තත්ත්වය දක්නට නොලැබෙන බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, අද වන විට මාධ්‍ය නිදහස හොඳින් හිමිව ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,“ ලෝකයේ හත්වැනි හොඳම තොරතුරු දැනගැනීමේ පනත මේ රටට හඳුන්වා දීමට අපට හැකි වුණා. ඒ මගින් සියලු ම දෙනාට යහපතක් උදා කළ හැක. අද විද්‍යුත් මාධ්‍ය වලටත් යම් නියාමනයක් අවශ්‍ය බවට විද්‍යුත් මාධ්‍ය ඉල්ලා සිටිනවා. එපමණක් නොව, දැන් අපගේ අවධානය මාධ්‍ය පුහුණු ඇකඩමියක් පිහිටුවීමයි.

ඒ සඳහා විදේශ ආධාර ලබාදෙන්න පවා සාකච්ඡා ඉදිරිපත් වී තිබෙනවා”ගාල්ලේ ජවසම්පන්න දක්ෂ මාධ්‍යවේදීන් පිරිසක් ඉන්නවා. සුනාමි වාර්තා කරණයේදී ගාල්ල මුළු ලෝකයේ ම අවධානයට නතු වූ දිස්ත්‍රික්කයක් විය. නිවාස නොමැති ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් දිස්ත්‍රික්කයක නිවාස 25ක් බැගින් ඉදිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ සම්බන්ධව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර එකඟතාවයකට මේ වන විට පැමිණ තිබෙනවා. ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු ම කටයුතු සිදු කෙරෙනවා.” මෙහිදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරිනන්ද දොඹගහවත්ත යන මහත්වරු විසින් ප්‍රායෝගික මාධ්‍ය වාර්තාකරණය, මාධ්‍යවේදීන්ගේ වාර්තාමය ගැටලු හා න්‍යයාත්මක කරුණු පිළිබඳ විශේෂ දේශන පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර සහ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 100ක් පමණ  එක්ව සිටියහ. මෙහිදී ඒ සියලු ම මාධ්‍යවේදීන් වෙත සහතිකපත් ප්‍රදානයක් ද සිදුකෙරින.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරිනන්ද දොඹගහවත්ත යන මහත්වරු ද එක්ව සිටියහ.

Hon GayanthaK. RTI meeting galle 2






 

 

 

 

 

Hon GayanthaK. RTI meeting galle 3

 

 

 

 

 

 

 

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.