• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිල පාලන නීතිය කඩ කළ වෙළඳුන්ට එරෙහිව පැවරූ නඩුවලින් රු. මිලියන 56 කට වැඩි දඩ මුදලක්

Consumer Affairs Authority

පාරිභෝගික අධිකාරිය විසින් මෙම වසරේ මුල සිට ‍අගෝස්තු 09 දක්වා කාලසීමාව තුළ පාලන මිලට වැඩියෙන් භාණ්ඩ විකුණූ වෙළඳුන්ට එරෙහිව කරන ලද  වැටලීම් 12000 කට වැඩි ප්‍රමාණයක් සිදු කොට ඇති  අතර, ඒ පිළිබඳව මහේස්ත්‍රාත් අධිකරණවල පැවරූ නඩුවලින්  රුපියල් මිලියන 56කට වැඩි  දඩ මුදලක් දඩ වශයෙන් අය කරගෙන තිබේ.

මේ අනුව පාලන මිලට වැඩියෙන් භාණ්ඩ විකුණූ වෙළඳුන්ට එරෙහිව  පැවරූ නඩුවලින් කොළඹ දිස්ත්‍රික්කයෙන් රුපියල් 49,965,500 ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රුපියල් 4,342,000ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රුපියල්3,671,000 ක්ද ඇතුළුව දිවයිනේ අනෙකුත්  දිස්ත්‍රික්කවලින්  මෙම දඩ මුදල් අය කර ගෙන ඇත.

වෙළඳ සැල් වැටලීම්වලදී  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැටලීම් 993 ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 982ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් වැටලීම් 887 ක්ද ඇතුළුව අනෙකුත් දිස්ත්‍රික්කවලින් මෙම වැටලීම්  සිදු කර තිබේ.අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල පාලනය කිරීම රජය මෑතක දී සිදු කිරීමෙන් පසු එම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා  අධිකාරිය විසින් වැඩි නිලධාරින් පිරිසක් යොදවා වෙළඳසැල්  වැටලීම් තීව්‍ර කරන ලදී. ඉන් පසුව මේ දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වැටලීම් 1663ක් සිදු කර  ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිලට වැඩියෙන් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධව තවදුරටත් වෙළඳපළේ වැටලීම් කටයුතු සිදු කිරීමට පාරිභෝගික අධිකාරියේ සියලුම දිස්ත්‍රික්ක ප්‍රධානීන් දැනුවත් කර ඇති අතර එම වැටලීම් කටයුතු සෑම දිස්ත්‍රික්කයකම නිරන්තරයෙන් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය  පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.