• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රාජ්‍ය පරිපාලනයට හඳුන්වා දුන් විශිෂ්ට පරිචයන් සහ නව නිර්මාණ පිළිබඳ සම්මන්ත්‍රණය 18 වනදා

Meeting 2016.08.12

විශිෂ්ට පරිචයන් සහ නිර්මාණශීලී හඳුන්වාදීම්  රාජ්‍ය පරිපානය තුළ බෙදා දීමේ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයක් මෙම මස 18 වෙනි දින පෙ.ව 9.00ට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්වීමට නියමිතය.


මෙම සම්මන්ත්‍රණය  මගින් රාජ්‍ය පරිපාලකයන්ට පරිපාලන අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ එමගින් ශක්තිමත් රාජ්‍ය පද්ධතියක් ගොඩනැගීම, ආර්ථික වර්ධනය, සාමය සහ යහපාලනය ශක්තිමත් කර ගැනීම අපේක්ෂා  කෙරේ.

සම්මන්ත්‍රණය  සඳහා  මැලේසියාව, නේපාලය, මාලදිවයින, ඉන්දියාව සහ  පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක් ද සහභාගි වීමට නියමිත අතර, ජාත්‍යන්තර වශයෙන් අතිවිශිෂ්ට නිර්මාණයන්ගේ අත්දැකීම් ද ශ්‍රී ලංකා පරිපාලනයට ලබා ගැනීමට මින් අපේක්ෂිතය. 

මෙමගින්  ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලනය තුළ ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත්, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් විශිෂ්ට පරිචයන් සහ නවෝත්පාදනයන් හුවමාරු කර ගැනීමට  රාජ්‍ය පරිපාලකයන්ට හැකියාව ලැබේ.

 මෙහි දී රාජ්‍ය නිලධාරීන්ට යහපාලනය සහ රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති, කළමනාකරණය හා ආර්ථිකය, ඵලදායිතාව සහ ගුණාත්මකභාවය යන තේමා යටතේ සිදු කොට ඇති නව හඳුන්වාදීම් සහ  ආදර්ශයට ගත හැකි පරිචයන්  ඉදිරිපත් කිරීමට ද  අවස්ථාව ලැබේ.රාජ්‍ය සේවය තුළ විශිෂ්ට නිර්මාණ ශක්තියක් ඇති අය සිටින බැවින් ඔවුන්ගේ එම සැඟවුනු දක්ෂතා එළිදැක්වීමත්  ඔවුන්ට  නිසි ඇගයීමක් ලබා දීමත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අපේක්ෂාව බව එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. තිලකසිරි මහතා පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.