• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඡන්දය වෙනුවෙන් තරුණ පරපුර දිරි ගැන්වීමක්

election

ඡන්දය වෙනුවෙන් තරුණ පරපුර දිරි ගැන්වීමටත්, ඔවුන් දැනුවත් කිරීම සඳහාත් සිදු කෙරෙන වැඩසටහනක්  අද  (12) ගාල්ලේ දී පැවැත්වේ.

මේ අවස්‍තාව සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින්  තරුණ තරුණියන් 300ක් පමණ සහභාගී වීමට නියමිතය.

මෙම වැඩසටහන යටතේ ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානයක්, දැනුවත් කිරීමේ වැඩමුළුවක් සහ සරුංගල් සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු සලසා ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර, ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජීත් මහතාගේ සම්බන්ධීකරණයෙන් හා ගාල්ල මැතිවරණ කාර්යාලය මගින් මෙය සංවිධානය කෙරිණ.

 අද  පෙරවරු 9.30ට ඡන්ද මධ්‍යස්ථානයක් ආරම්භයේ සිට ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා කටයුතු මෙම ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානයේදී දැක බලා ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව උදාවන අතර, ඒ පිළිබඳව ගැටලු මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ සාකච්ඡා කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි වේ.

සවස 4.30ට සරුංගල් සංදර්ශනය ගාලු කොටු පවුරේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී පැවැත්වේ. ජාතික තරුණ සේවා සභාව, වවුනියාව තරුණ එකතුව, ගාල්ල තරුණ සේවා සභාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා අංශය එක් ව මෙය සංවිධානය කරනු ලබයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.