• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිස්ත්‍රික් මට්ටමේ ආක්‍රමණ ශීලි ජීවි විශේෂ පිළිබඳව දැනුවත් කිරීමක්

tree

දිස්ත්‍රික් මට්ටමේ ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (11) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්ම වූ අතර, ජාතික මට්ටමේ ප්‍රතිපත්තියක් මත නීත්‍යානුකුල අණපනත් සැකසීම එහි මූලිකම අරමුණ විය. මේ වන විට ලංකාව තුළ පැතිර ඇති ආක්‍රමණික ශාඛ විශේෂ සහ සත්ත්ව විශේෂ පිළිබඳව දැනුවත් කිරීම සිදුවිය.

ආක්‍රමණික ජීව විශේෂයන් හඳුනා ගැනීම, ජීව විශේෂ පිළිබඳව දැනුවත් කිරීම, ජීව විශේෂයන්ගෙන් සිදුවන බලපෑම් සහ ජීව විශේෂයන් පැතිරීම වළක්වා ගැනීම මෙහි මූලිකම අරමුණ විය.  ශ්‍රී ලංකාව  ජෛව විවිධත්වය අතින් ලොව සුවීශේෂි ස්ථානයක් ගෙන ඇති අතර, මිනිසුන්ගේ අධි පරිභෝජනය එම ජෛව විවිධත්වයට බලපෑම් එල්ල කොට ඇත. මෙහි ප්‍රධාන දේශන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස, පරිසරවේදී ආචාර්ය පී.එම්.සී බණ්ඩාර, පරිසරවේදී චන්දන අසේල සහ සත්ත්වවේදී දිස්නා බණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් ඉදිරිපත් කරන ලදී. 

මේ අවස්ථාව සඳහා මාධ්‍යවේදීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.