• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය දිවයින පුරා

ict

ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය දිවයින පුරා ශ්‍රී ලංකාවේ සියලු ම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් කාර්යක්‍ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ඉල්ලීම යටතේ  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත.


මේ අනුව ක්‍රියාත්මක ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන මගින්  ලබා දෙන සේවා අන්තර්ජාලය සහ ජංගම දුරකතනය ඔස්සේ ලබා ගැනීමට ජනතාවට මෙමඟින් අවස්ථාව උදාවේ.

වරිපනම් බදු නිවසේ සිට ම, දවසේ ඕනෑම වෙලාවක ගෙවීමට හැකි වේ. ගොඩනැගිලි බලපත්‍ර, අනුකූලතා සහතික, ඉඩම් අනුබෙදුම් අනුමැතිය ආදියට ඕනෑම වේලාවක අයඳුම් කිරීමටත් ඉතා කඩිනමින් ඒ සේවාව ලබා ගැනීමටත් හැකි වේ.

ආදාහනාගාරය වෙන්කිරීම, ගලි බවුසරය ගෙන්වා ගැනීම, ගිනි නිවීම් ‍සේවාව ආදී සේවා රාශියක් සතියේ දින හත පුරා, දවසේ විසිහතර පැය පුරා ක්‍ෂණිකව ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වේ.

අදියර තුනක් යටතේ ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කොළඹ මහනගර සභාව, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාව, කොළොන්නාව නගර සභාව, බදුල්ල මහනගර සභාව වලිකාමම් ප්‍රාදේශය සභාව, සමන්තුරේ ප්‍රාදේශීය සභාව ඇතුලු දිවයින පුරා පළාත් පාලන ආයතන තිහක පළමු අදියර යටතේ ක්‍රියාත්මක කෙරේ. අදාළ පළාත් පාලන ආයතන හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කර මෙම වසර අවසන් වීමට ප්‍රථම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව නියෝජිතායතනය පවසයි.

පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රධාන ලේකම්වරුන්ගේ මෙහෙයවමෙන් 2018 වසර අවසන් වන විට පළාත් පාලන ආයතන 335 හරහා ම මෙම සේවාවන් ජනතාවට ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.