• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) හෙට (14) විවෘත කෙරේ

information department logoප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීමේ උත්සවය ජූලි මස 14 වන දින ප.ව.3.00 ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 224/1  දරන ස්ථානයේ පිහිටා ඇති මෙම පුංචි ශාලිකාව දේශිය සිනමාව හා සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ නව ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් මගින් යාවත්කාලීන කර ඇත.

 

ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන චිත්‍රපට නැරඹීම සඳහා මෙම පුංචි ශාලිකාව භාවිත කෙරෙන අතර ඉදිරියේදී සහන පදනමක් මත වෙනත් චිත්‍රපට දර්ශන සඳහාද ලබා දීමට නියමිතයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.