• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

69 වන ශ්‍රී ලාංකේය ජාතික නිදහස් සැමරුමට සමඟාමී ව ගාල්ලේදී සැමරුම් උත්සවයක්

SriLankan flag 2017පෙබරවාරි මස 04 වැනි දිනට යෙදෙන 69 වන ශ්‍රී ලාංකේය ජාතික නිදහස් දින සැමරුමට සමඟාමී ව ගාල්ල දිස්ත්‍රික් නිදහස් සමරු උළෙල පෙබරවාරි මස 04 වැනි දින ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී පැවැත්වීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා ගේ මෙහෙය වීමෙන් පැවැත්වෙන මෙම සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේ ලාල් ද සිල්වා මහතා සහභාගී වීමට නියමිතය.

මෙවර පැවැත්වෙන සමරු උළෙලේ දී ජාතික සංහිඳියාවට හා සහජීවනයට මුල් තැන දෙමින්  දිස්ත්‍රික්කයේ තොරා ගත් පාසල් කිහිපයක සිංහල මුස්ලිම් දමිල සිසු දරුවන් රැසක් සහභාගී කර ගනිමින් පා ගමනක් සංවිධානය කර ඇත. 

එමෙන් ම මෙදින උදෑසන ගාල්ල වැලිවත්ත විජානන්ද පිරිවෙන් හි ද, කළුවැල්ල ශ්‍රී කදිරේශන් කෝවිලේ ද, කළුවැල්ල ශාන්ත මරියා දේවස්තනයේ දී ද , කොටුව මුස්ලිම් පල්ලියේ දී  සර්ව ආගමික වතාවත් පැවැත් වීමට කටයුතු යොදා ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.