• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කුරුණෑගල - ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 112ක්

pregnancy 2017 01 26කුරුණෑගල දිස්ත්‍රික්කයට වෙන් කළ ප්‍රතිපාදන මගින් ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල වැඩසටහනට සඳහා රුපියල් මිලියන 112ක් වෙන් කර ඇත.කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් මුල්ළමාවිය රැකවරණය හා සංවර්ධනය වැඩසටහන යටතේ මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.

දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ උපදෙස් පරිදි අතිරේක දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ  2017 ජනවාරිසිට පෝෂණ මල්ල වැඩසටහන  ක්‍රියාත්මක වන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී ඩබ්.ආර්.එම්.සී.සෙනෙවිරත්න මහතා පවසයි.

මෙම වසරේ දී නියමිත දිනයන් හි අදාළ මව්වරු පෝෂණ ඇසුරුම් ලබා නොගන්නේ නම් ඒවා අවලංගු කිරීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම වැඩසටහනේ ප්‍රතිලාභ ඉතා දිළිදු ගැබිණි මව්වරු, කිරිදෙන මව්වරු මෙන්ම ඉහළ ආදායම් ලබන මවුවරු ද ලබා ගන්නා බව  සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වැඩසටහන සඳහා පසුගිය වසරේ රුපියල් 499,665,971.5ක මුදලක් වැය කොට ඇති බවත් 98.06% ප්‍රගතියක් ලබා ගෙන ඇති බවත්, ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.