• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

He 2017 01 26 තමා ජනාධිපතිවරයා ලෙස රට භාර ගැනීමෙන් අනතුරුව ඉකුත් දෙවසර තුළ දුෂණය, වංචාව සහ නාස්තිය පිළිබඳ පුළුල් සමාජ කථිකාවක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

එම සංවාදය ඉතා කාලෝචිත වන අතරම එය දූෂණය වංචාව සහ නාස්තිය පිටුදැකීමේ සංඝායනාවක් ලෙස තමා සළකන බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් ඊයේ (26) පෙරවරුවේ ශී‍්‍ර ලංකා රේගු ශ‍්‍රවණාගාරයේ පැවති සැමරුම් උත්සවය අමතමිනි.‘සඵලදායී දේශසීමා කළමනාකරණය උදෙසා දත්ත විශ්ලේෂණය’ යන්න මෙවර එහි තේමාවයි.

රටේ ජාතික ආර්ථිකය ගොඩනැගීමේදී මෙන්ම යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේදී රේගු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉතා පුළුල් පරාසයක පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට රේගු දෙපාර්තමේන්තුව ලබාදෙන සහය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා රට තුළට නීති විරෝධි අයුරින් රැගෙන එන මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී රේගු දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ ඉටුකරන ලද මෙහවර ඇගයීමට ලක් කළේය.එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සුපුරා ගනු වස් ශී‍්‍ර ලංකාව යන ගමන්මග සාර්ථක කර ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

ලෝක රේගු සංවිධානයේ කුසලතා සහතික පිරිනැමීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණ පිළිගැන්විණි.රේගු බදු නාමාවලියේ සංයුක්ත තැටිය, රේගු අත්පොත සහ රේගු පුවත්පත් අතිරේකය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.මුදල් අමාත්‍ය රවී කරුණානායක, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා යන මහත්වරුන් සහ එහි කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.