• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ද්වීපයෙන් මහද්ධීපයට යන ගමන ශක්තිමත් කිරීමට සේවා නගරයේ වැඩ ඇරඹේ

PMමේ රටේ තරුණ තරුණියන්ට හොද රැකියා අවස්ථා ලබාදීමට මෙන් ම හොද අනාගතයක් උදා කර දීමට ද  මේ රට ද්වීපයෙන් මහද්ධීපයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේදී මුතුරාජවල කර්මාන්ත කලාපය තුළ සේවා නගරයේ පළමු අදියර ආරම්භ කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ,  “ලංකා‍ව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බවත්, යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට විශාල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරනුයේ සංවර්ධනය වෙමින් පවතින රටකින් සංවර්ධිත රටක් බිහිකිරීමට බවත් ය. 

එහිදී තවදුරටත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, මෙම කර්තවය ඉතා විශාල කර්තවයක් වන බවයි.  ඉතිහාසයේ ආසියාවයි, ඉන්දියන් සාගරයයි ධනවත්ම කලාපයක් වූ අවස්ථාවේදී  එහි කේන්ද්‍රය බවට පත් වූයේ ලංකාවයි. මේ වන විට පෙරට වඩා සංවර්ධනයක් මුලු ආසියාවේ ම සිදුවෙමින් පවතින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ,  මේ අතර ආසියාවේ සීඝ්‍රයෙන් ම සංවර්ධනය වන කලාපයක් බවට ඉන්දියන් සාගරය, ඉන්දියන් සාගරයේ පිහිටීමේ වාසිය යළිත් අපට උදාකර ගත හැකි වන බවයි.

මීට සමඟාමී ව කොළඹ වරාය, හම්බන්තොට වරාය දියුණු කිරීමට පියවර ගෙන ඇති අතර, තෙවනුව ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.  තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, “බෙංගාල බොක්කේ රටවල් දියුණු වෙන අවස්ථාවේදී ත්‍රිකුණාමලය වරායට විශේෂයෙන් ම වාණිජ වාරයක් වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බවත්, එමෙන් ම මහනුවර, කොළඹ, හම්බන්තොට එකතු කර ගෙන  විශාල නිරිත දිග සංවර්ධන කලාපයක් ඇති කරන බවත් ය. ගුවන්තොටුපොළවල් දෙකක්, වරායවල් දෙකක් දියුණු කෙරෙන අතර මීට සමඟාමී ව වෙළඳ කලාප දියුණු කිරීමට ද පියවර ගන්නවා.  මේ සියුල ම දේ සිදු කිරීමට විශාල මුදලක් අවශ්‍ය වේ. ඒ මුදල සම්පූර්ණයෙන් ම රජයට ලබාදිය නොහැක.  ඒ සඳහා ශක්තිය නෑ. දැනට අපට සිදු වී ඇත්තේ තවත් වසර පහක්, හයක්, හතක් දැනට පවතින විශාල ණය ගෙවීමටයි.  මේ ණය ගෙවන්නයි, වැඩකටයුතු සිදු කිරීමටයි මුදල් රජයට නෑ.  මේ සඳහා මුදල් වෙන්කළොත් රටේ ප්‍රධාන අවශ්‍යතාවන්ට සහ සමාජ වැඩකටයුතුවලට මුදල් නෑ.  විශේෂයෙන් ම ආර්ථිකය දියුණු කිරීමට මෙන්ම  මහජන කටයුතු වලට ද මුදල් වෙන්කරන්න සිදුවන අවස්ථාවේදී අපට විශේෂයෙන් ම සංවර්ධනය ගෙනයාමට  පුද්ගලික ආයෝජන අවශ්‍ය වේ. ලංකාවේ පවත්නා සියලු ම සමාගම් රට තුළ ආයෝජනය කළත් එය රට සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් නොවේ.  එසේ හෙයින් විදේශ ආයෝජන අවශ්‍ය වේ.  ඒ ඔස්සේ විදේශ දැනුම, විදේශ වෙළෙඳපොළවල් අපට ලබාගත හැකි වේ.  එමෙන් ම මේ රටේ තරුණ තරුණියන්ට රැකියා දශලක්ෂයක් බිහිකරමින් ආදායම් මට්ටම වැඩිකිරීමටත්, රට තුළ දැවැන්ත   සංවර්ධනයක් ඇති කිරීමටත් මෙමගින් හැකි වේ.

ඒ අනුව ඊළඟ වසර පහ තුළ රට සංවර්ධිත රටක් බවට පත් කළ හැක. එමෙන් ම ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රය කරන ගමන් ම කොළඹ නගරය ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධාන නාගරික  ප්‍රදේශය බවට පත් කිරීමට ද මේ වන විට අදාළ කටයුතු යොදා ඇත.  දැනටමත් එහි ආරම්භය වෙනුවෙන් ව්‍යාපෘති රාශියක් සිදු කර බව ද මේ කටයුත්ත පාඨලී චම්පික අමාත්‍යවරයා ගේ මූලිකත්වයෙන් සිදු කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාව සඳහා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.