• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම කෘතවේදී ව සිහිපත් කරනවා

He news 2017 01 31 2 2පසුගිය යුද සමයේදී යුද, නාවික, ගුවන් ති‍්‍රවිධ හමුදාව සේම පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම සෑමවිටම කෘතවේදී ව සිහිපත් කරමින් ඔවුන්ට ලබාදිය හැකි ඉහළම ගෞරවය ලබා දෙනවා සේම හෙට දවසේ අභියෝග ජයග‍්‍රහණය කිරිම සඳහා ඔවුන් සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය සහ රෙජිමේන්තු යෂ්ටිය ප‍්‍රදානය කිරීම වෙනුවෙන් ඊයේ (30) පස්වරුවේ අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවේ පැවති උත්සවය අමතමිනි.ශී‍්‍ර ලංකා යුද හමුදාවේ අභිමානවත් මෙන්ම කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තුව රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉටුකරන ලද අභිමානවත් සහ විශිෂ්ට මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සෙසු රෙජිමේන්තු හා සමානව සිංහ රෙජිමේන්තුව රටට හා ජනතාවට කළ සේවය අගයා මෙතෙක් වර්ණ ප‍්‍රදානය කර නොමැත්තේ, රයිෆල් රෙජිමේන්තු වර්ණ නොදරයි, යන සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීම හේතුවෙනි. එහෙත් බි‍්‍රතාන්‍යයේ ගී‍්‍රන් ජැකට්ස්, ගුර්කා රයිෆල් රෙජිමේන්තු වර්ණ වෙනුවට බි‍්‍රතාන්‍ය වික්ටෝරියා මහ රැජිණ විසින් 1983 දී පිරිනමනු ලැබු විශේෂිත රැජින යෂ්ටිය සෑම අවස්ථාවකදීම භාවිතා කරනු ලබන බැවින් එම රයිෆල් රෙජිමේන්තුන්ට ආවේණික ගති ලක්ෂන මත ආරම්භ කර ඇති සිංහ රෙජිමේන්තුව ලක් දෙරණට ඉටුකල අනගිභවනීය මෙහෙය අගයනු වස් ශී‍්‍ර ලංකා යුද හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ප‍්‍රදානය කෙරිණි.අඹේපුස්ස සිංහ රෙජිමේන්තුව වෙත පැමිණි ජනාධිපතිතුමා ඉතා අභිමානවත් අයුරින් පිළිගනු ලැබිණි.

අනතුරුව ජනාධිපතිතුමා විසින් ආචාර පෙළපාලිය නිරික්ෂණය කරනු ලැබීය.ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් ලැබූ ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළ දෑත් වලින් නිමවු ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් පුස්තකාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.චීනදෙනිය මහා විද්‍යාලයේ 05 වසර ශිෂත්ව විභාගය සමත් සිසුන් වෙත ත්‍යාග ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.