• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

69 වැනි ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ආගමික වැඩසටහන් 2 දා සිට

Wijedasa Rajapaksha69 වැනි ජාතික නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා  පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් ඊයේ (30) සඳහන් කළේය. 

ඒ අනුව අනිද්දා (02) කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේ නිදහස් මන්දිරයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත් වේ. ලබන 03 වැනි දා පෙරවරුවේ බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක් පිළිගැන්වීම සිදු වේ.

 ජාතික නිදහස් දිනය යෙදී තිබෙන පෙබරවාරී 4 වැනි දා බෞද්ධ ආගමික වතාවත් කොළඹ පොල්වත්ත ධාර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේදී සිදු කෙරෙන අතර හින්දු ආගමික වතාවත් කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරර් කොවිලේදී සිදු කිරීමට නියමිතය. ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ 12 මහ පල්ලි දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතය අතර කතොලික දේව මෙහෙය තිබිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී සිදු කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.