• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

"ගිරව්" ඇල්ලීම තහනම් කිරීම කෙරේ අවධානය

Fish"ගිරව්" හෙවත් Parrotfish යනුවෙන් හඳුන්වන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම කෙරෙහි ධීවර හා ජලජ සම්පත් සංවර්ධ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. 

 ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල නොගැඹුරු මුහුද ආශ්‍රීත ව  ජීවත් වන අලංකාර මත්ස්‍ය විශේෂයකි. "ගිරව්" යනුවෙන් ශ්‍රී ලංකාවේ ධීවරයින් හඳුන්වන මෙම මත්ස්‍ය විශේෂය Scaridae පවුලට අයත් මත්ස්‍යයෙකි.

සාමාන්‍යයෙන් අඩි තුනේ තුනේ සිට අඩි හතරහමාරක් දක්වා වැඩෙන මෙම මසුන් ඇතැම් විට මිනිසෙකුටත් වඩා උසින් වැඩුණු අවස්ථා ද දක්නට ලැබේ. අපේ රටේ මෙම මසුන් බහුලව ආහාරයට නොගනිතත් ඇතැම් රටවල්වල මෙම මසුන් ආහාරය පිණිස භාවිතා කරයි. කොරල්පර ආශ්‍රිත ව බහුලව වෙසෙන මෙම මසුන් මුහුදු පැළෑටි හා ගල්පර ආශ්‍රිතව ජීවත් වෙති. එමනිසා සංචාරකයින් මෙම මසුන් නැරඹීම සඳහා බහුලව අප රටට පැමිණෙන අතර, එම නිසා සංචාරක කර්මාන්තයට විශාල ආකර්ශණයක් මෙම මසුන්ගෙන් ලැබී තිබේ.

එමෙන් ම ජෛවමය ඛාදනයන් වැළැක්වීම සඳහා මෙම මත්ස්‍යයා කටයුතු කරන අතර එම නිසා පරිසර හිතකාමි මත්ස්‍යයකු වශයෙන් ද සැළකේ. කෙසේ වුවද මෙම මසුන් අපේ ඇතැම් ධීවරයින් විසින් අල්ලා ගන්නා නිසා එම විශාල මසුන් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. මේ සම්බන්ධයෙන් ඇතැම් ධිවර ප්‍රජාව ද, පරිසර සංවිධාන ද, සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පිරිස් ද ගිරව් ඇල්ලීම තහනම් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.