• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නවීන තාක්ෂණය කැටිකරගත් වෙසක් කලාපයක්

patali champikaමෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් නවීන තාක්ෂණය කැටිකර ගත් වෙසක් කලාපයක් නර්මාණය කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන   අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.

 අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර වෙසක් උත්සවය පිළබඳ ව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු අංක ශාලාවේදී කතානායක කරූ ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් මෙය  පැවැත්වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  මෙවර අන්තර් ජාතික වෙසක් දිනය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.

එයට සමඟාමී ව අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් වෙසක් කලාපයක් පාර්ලිමේන්තුව අවට මේ දියවන්න ප‍්‍රදේශයේ දියත් කිරීමට බලාපොරොත්තු වන අතර, එහිදි විශේෂයෙන් ම ආමිස පූජා මෙන්ම ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙන වර්තමාන නවීන තාක්ෂණයට ගැලපෙන නව වෙසක් කලාපයක් මෙම කලාපයේ නිර්මාණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා දැනටමත් අපේ අමාත්‍යාංශයත්, බුද්ධ ශාසන අමාත්‍යාංශයත්, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සමඟ එකතුවෙලා, මේ සඳහා ඒ සියලු ම ආයතන සමඟ සාකච්ඡා කර අසේල ඉද්දවෙල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලේකම් කාර්යාලයක් පිහිටුවලා තිබෙනවා. අපි ඉතාම සතුටින් ප‍්‍රකාශ කරන්න  ඕනේ සියලූම දෙනා අපට ඒකට දායකත්වය පළ කරලා තියෙනවා. ප‍්‍රධාන වෙසක් කලාපය අපේ ගම පරිශ‍්‍රයට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ පැවැත්වෙන අතර දියවන්නාව ආශ‍්‍රිත ජලතලය  රාත‍්‍රී කාලයේදී විශේෂ ආලෝකකරණයක් සිදු කිරීමට නියමිත බවත්, දිවා කාලයේදී ඒ සඳහා වෙච්ච වෙසක්වලට ගැලපෙන ආකාරයේ කි‍්‍රයාවලියක් දියත් කරන්න බලාපොරොත්තු වෙන බවත්, එය නව අත්දැකීමක් වෙනවා ඇත.

මේ ප‍්‍රදේශයේ තිබෙන ජල තලයත්, නවීන ලේසර් තාක්ෂණය සහ එල්.ඊ.ඞී. තාක්ෂණය පාවිච්චි කර ගහකොල ඇතුළු ඒ සියල්ලම විධිමත් ආකාරයකට ආලෝකකරණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතනදි විශේෂයෙන් ම බලශක්ති සංරක්‍ෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයත් සමඟ කි‍්‍රයා කරන්නේ. ඊට අමතර ව ධන නාස්තියක් නොවන ආකාරයට ඉතාම චාම් නමුත් අභිමානවත් ආකාරයට අන්තර් ජාතික ප‍්‍රමිතියකින් යුතුව ඒ කටයුත්ත සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කතානායකතුමාගේ මූලිකත්වයෙන් ඒ අන්තර්ජාතික නියෝජිතයින් මෙහි පැමිණෙනවා ඇති. ඒ පැමිණිනුනාම ඒ සියලූ දෙනාටම අපි ඒක ප‍්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රටේ සමාන්‍ය ජනතාවටත් ඒ පිළිබඳ ව අලූත් අත්දැකීමක් ලබාගන්න අපි එය විවෘත කරනවා. 

එයට සමඟාමී ව ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන ලබාදෙන  සීල ව්‍යාපාර ඒ වගේම අපේ නායක ස්වාමිපාදයන් වහන්සේ ප‍්‍රකාශ කල පරිදි පිණ්ඩපාත චාරිකා ආදිය පැවැත්වීටත්, අපි කටයුතු කරනවා. එමගින් මේ වර්තමාන සංකීර්ණ සමාජයට අවශ්‍යකරන ආධ්‍යාත්මික ගුණවගාව, ආධ්‍යාත්මික ශක්තිය මේ සමාජයට ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය මේ රටේ පැවැත්වීමට හැකියාව ලැබීම මේ රටට ඉතාමත් කලාතුරකින් ලැබිච්ච විශිෂ්ඨ අවස්ථාවක්. අන්තර් ජාතික මට්ටමින් අනෙකුත් බෞද්ධ රටවල් සමග සහජීවනයක් ඇති කර ශක්තිමත් බලයක් හැටියට නැගී සිටින්නට අපට එමගින් අවස්ථාව ලැබෙනු ඇත. මේ සඳහා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඒ තේමාවන්වලට එළඹිලා වර්තමාන ලෝකය මුහුණ දෙන පාරිසරික සමාජ සහ අනෙකුත් ගැටලුවලට බුදු දහමෙන් ලැබෙන දාර්ශනික පිටුබලය පිළිබඳ ව අන්තර් ජාතිකමය වශයෙන් මතයක් ඇති කරන්නත් අපි මේ අවස්ථාව පාවිච්චි කරනවා. එසේම අපේ රට ගැන, අපේ රටේ ප‍්‍රතිරූපය ගැන මේ රටේ තියෙන සාමය සහජීවිනය, පරිසර හිතකාමීත්වය පිළිබඳ ව ලෝකයට අපේ ප‍්‍රතිරූපය ගොඩනැංවීමේ අවස්ථාවක් හැටියටත් අපි මේම සලකලා කි‍්‍රයා කරන බව ප‍්‍රකාශ කරනවා. මේ සඳහා ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ ඒ සියලු ම දෙනාගේ සහයෝගය ලැබෙනවා. කතානායකතුමාගේ මූලිකත්වයෙන් මේ දියවන්නා වෙසක් කලාපය අපි උත්කර්ෂවත් අයුරින් පවත්වනවා

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.