• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයක් මාතර දී

sri lanka national independence day69 වැනි ජාතික නිදහස් දින උළෙලට සමඟාමී ව දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන නිදහස් දින උත්සව මාලාවේ මාතර දිස්ත්‍රික් සැමරුම් උත්සවය පෙබරවාරි 04 දින පෙ.ව.8.30 ට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට පියවර ගෙන ඇත. 

ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ. මාතර දිස්ත්‍රික් නිදහස් දින උළෙලේ ආචාර පෙළපාලිය සහ විශේෂ සරඔ සංදර්ශනය ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ 200ක පිරිසකගෙන් සහ මාතර දිස්ත්‍රික්කයේ පාසල් 12ක දරු දැරියන් 600කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ය.

 

සැමරුම් උත්සවය දේශීය නර්තන කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් සංස්කෘතික වැදගත්කමක් සහිත විශේෂාංග රැසකින් ද සමන්විත වේ. මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා මහජන නියෝජිතයන් රැසක්  ද රාජ්‍ය නිලධාරීන් සහ පාසල් දරු දැරියන් පිරිසක් ද සහභාගී වීමට නියමිත ය.මෙම නිදහස් දින සැමරුම් උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.