• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සි සේල්ස් රාජ්‍යයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට

Hon Dileep wedaarachchi 2017 01 31ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ සී සෙල්ස් රාජ්‍යයේ මහකොමසාරිස් David Pierre මහතා අතර විශේෂ හමුවක් අද [ 31 ] ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය නිල කාර්යාලයේදී පැවැත්විණ.

 මෙහිදී දෙරටේ ධීවර කර්මාන්තයේ අභිවෘදධීයට අදාළ කරුණු ගණනාවක් පිළිබඳ එකඟතාවට පැමිණීමට හැකි විය. ඒ අනුව සී සේල්ස් රටෙහි ධීවර ක්ෂේත්‍රයේ පවතින රැකියා සඳහා වැඩි අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට එරට මහකොමසාරිස් David Pierre මහතා කැමැත්ත පළ කළේය.

එහිදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය පිළිබඳ ව මෙන්ම “නිල් ආර්ථික” වැඩපිළිවෙළ, බහු කාර්ය ධීවර වරාය මෙන්ම ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, පරිසර හිතකාමී ලෙස සාගර සම්පතෙන් උපරිම ආර්ථික උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ව සී සෙල්ස් මහකොමසාරිස්වරයා දැනුම්වත් කළේය. ඒ පිළිබඳ ව බෙහෙවින් ප්‍රසාදය පළ කළ සී සේල්ස් මහකොමසාරිස් David Pierre මහතා එම වැඩපිළිවෙළ එරට ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැනුම ලබා දෙන්නැයි ඉල්ලීමක් කළ අතර එරට ධීවර ක්ෂේත්‍රයේ විද්වත් දැනුමද ශ්‍රී ලංකාවට ලබාදීමට දෙරටේ දැනුම හුවමාරු වැඩපිළිවෙළක් සඳහා කටයුතු කිරීමට ද පියවර ගන්නා බව පැවසීය .  

 ලෝකයේ විශාලත ම ටින් මාළු කර්මාන්ත ශාලාවක් තම රටේ ඇති බවත්, එහි වැඩි වශයෙන් සේවයේ නිරත ව සිටින්නේ පිලිපීන ජාතිකයන් බවත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ අත්දැකීම් හා  පෙන්වා දුන් කරුණු පිළිබඳ ව තමා ඉතා සතුටට පත්වන බවද තම රටෙහි ඇති ටින් මාළු කර්මාන්ත ශාලාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීමට කටයුතු කළ හැකි බවද පැවසීය.

ඊට අමතර ව එරට සංචාරක ව්‍යාපාරය මෙන්ම යාත්‍රා නිෂ්පාදන කර්මාන්තයන්හි විශාල රැකියා අවස්ථා ඇති බවද, යාත්‍රා නිෂ්පාදනය වෙනුවෙන් ආයෝජකයන් ශ්‍රී ලංකාවට යොමු කළ හැකි බවද මහකොමසාරිස් David Pierre මහතා පෙන්වා දුන්නේය.  මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මහකොමසාරිස් David Pierre මහතාට පෙන්වා දුන්නේ එරට ධීවර අමාත්‍යවරයා ඇතුළු නියෝජිත කණ්ඩයක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා යොමු කිරීමට කටයුතු සලසන ලෙසය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසන බවද මහකොමසාරිස්වරයා පැවසීය. 

මේ පිළිබඳ ව විධිමත් වැඩපිළිවෙළක් දෙරට අතර ඇතිකර ගැනීමට එරට නිල සංචාරයක් සඳහා එක් වන්නැයි මහකොමසාරිස්වරයා මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට ආරාධනය කළේය.  දෙරට අතර මෙම ධීවර වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන බවද මහකොසරිස්වරායා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට එහිදී පොරොන්දු විය .මෙම සාකච්ජාවට ධීවර ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර, රාජ්‍ය අමාත්‍ය  උපදේශක අයේෂ් රණවක යන මහත්වරුන්ද එක්ව සිටියහ .

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.