• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කෙරේ

Hon Range Bandara 201701 31පුත්තලම දිස්ත්‍රික්කයේ කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.මේ යටතේ කාන්තා සංවිධාන, කාන්තා සමිති නියෝජිතවරියන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළද මේ වන විට ආරම්භ කර තිබේ.

රටට අවශ්‍ය දේ රට තුළදී ම නිෂ්පාදනය කර ගැනීම සුදුසු බව පැහැදිලි කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ මගපෙන්වීම යටතේයී. 

මෙහි පළමු අදියර පසුගියදා ආරම්භ කෙරුණේ වෙන්නප්පුව, සිරිගම්පොල දීයී. කාන්තා සමිති නියෝජිතවරියන් රැසක් ඊට සහභාගී වී සිටි අතර කාන්තා සමිති සඳහා අවශ්‍ය උපකරණ  බෙදා දීමක්ද මෙහිදී සිදු විය.

 කාන්තාව ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළ රජය බලාපොරොත්තුවන ප්‍රධාන අරමුණක් වන බවත්, එහි ප්‍රතිලාභ පුත්තලමේ කාන්තා පරපුර වෙත උරුම කර දීම තමාගේ බලාපොරොත්තුව වන බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.