• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීමට ජනපති වැඩපිළිවෙළට පැසසුම්

HE news 2017.01.02මෙරට පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කරමින් එහි ඉදිරි ගමන වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට ලක් වෙයි.

 ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවමින් එහි පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන්කඩවර ඥානරතන ස්වාමින් වහන්සේ මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය පළ කළහ.
විහාරස්ථාන මුල්කරගත් තිරසර සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

දහම් පාසල් අධ්‍යාපනය සඳහා විෂය මාලාව සංවර්ධනය කිරීම හා ක‍්‍රමවත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර අපගේ අනාගත පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා දහම්පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ශී‍්‍ර ලංකාව ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනගමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජයක් ලෙස ඉටුකළ හැකි සෑම වගකීමක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ශී‍්‍ර ලංකාවේ පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා සඳහා දානය පිළියෙළ කරගැනීමට ලිට්රෝ ආයතනය මගින් ලිප් සහිත ගෑස් නළ පද්ධතිය සවිකිරීම හා ගෑස් සිලින්ඩර් ලබාදීමේ වැඩසටහනට අදාළ ලිපිය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.