• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉතිහාසයේ වාර්තා වූ වැඩිම විදෙස් පේ‍්‍රෂණ ප‍්‍රමාණය 2016 දී

Hon Thalatha Athukorale 2017 02 01 2මෑත ඉතිහාසයේ වැඩිම විදෙස් පේ‍්‍රෂණ ප‍්‍රමාණය වාර්තා වූ වර්ෂය 2016 බවත් එම ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 7241.5ක් බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

එම ප‍්‍රමාණය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් බිලියන 1054.5 කි.2015 වර්ෂයේදී වාර්තා වූ විදෙස් පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6980.3 කි. එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 949 කි.

ඒ අනුව 2015 වර්ෂයට සාපේක්‍ෂව 2016 වර්ෂයේදී වැඩිවූ ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 261.3ක් වන අතර, එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 105.5 කි. ඒ අනුව වැඩිවූ ප‍්‍රතිශතය 3.7%ක් වන අතර ශ‍්‍රී ලංකා මුදල් ප‍්‍රමාණයේ වැඩිවීම 11.11% කි.

මෙලෙස ශ‍්‍රී ලංකාවට වැඩිම පේ‍්‍රෂණ ප‍්‍රතිශතයක් ලබා ගැනීම සඳහා කැපවූ විදෙස් ගත ශ‍්‍රමිකයින්ට විදේශ රැකියා අමාත්‍යවරිය සිය ස්තූතිය පළ කළ අතර, රටේ ආර්ථිකය ශක්තිමත් වන්නේ විගමණික ශ‍්‍රමිකයින්ගෙන් ලැබෙන විදෙස් පේ‍්‍රෂණ මගින් බැවින් ඔවුන් වෙනුවෙන් තම අමාත්‍යංශය

යටතේ සුභසාධන වැඩකටයුතු දියත් කිරීමටත්, ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්‍ෂා කිරීමටත් කැප වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.