• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි

Hon Rejinold kure 2017 02 01යුද සමයේදී සහ යුද්දයෙන් පසුව වසර ගණනාවක් ස්වේචාවෙන් ගුරුවෘත්තීයේ යෙදුනු උතුරු නැගෙනහිර ගුරුවරුන්ට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන්  ස්ථීර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 

උතුරු ආණ්ඩුකාරවර රෙජිනොල්ඩ් කුරේ මහතා මේ බව පැවසුවේ (31) උතුරේ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්  උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මේ අනුව උතුරු පළාතේ 1347 දෙනෙකුට ස්තීර පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බවත්, එහිදී 1124 දෙනෙකු ස්වේච්ඡාවෙන් උතුරු පළාතේ ගුරුවරුන් වශයෙන් සේවය කොට ඇති අතර, 167 දෙනෙකු කොන්ත්‍රාත් පදනම යටතේ හා තවත් 56 දෙනෙකු අමතර රැකියාවක් වශයෙන් ගුරු වෘත්තියේ යෙදුනු අය බවට උතුරු ආණ්ඩුකාරවරයා සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

 2016 දෙසැම්බර් මස අදාළ ගුරුවරුන්හට ස්ථීර ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබුනි. කෙසේ වෙතත් ඉදිරි මස ඇතුලත අදාළ ගුරුවරුන්ට ස්ථීර පත්වීම් ලබා දීමට පියවර ගන්නා බවටත්, ස්වේච්ඡා පදනම යටතේ සේවය කළ කාලයේදී කැපවීමෙන් සිදු කරන ලද ගුරු වෘත්තිය ස්ථීර පත්වීම් ලැබුනු පසුවද ඒ හා සමානව සේවයක් ලෙස බලාපොරොත්තු වන බවද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ස්වේච්ඡා ගුරුවරුන්ට වැඩි දුරටත් එහිදී පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.