• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දී

meeting2016ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ සහ Global Parliamentarians Forum for Evaluation ආයතනයේ සම්පත් දායකත්වයෙන් ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පිළිබඳ ව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මාතර දී පැවැත්වේ.

 දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පෙ.ව.9.00 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී  මෙය පැවැත්වේ.

මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ ලේකම් එස්.සිවඥානසෝති මහතා විසින් සිදු කරනු ලබයි.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සැලසුම් අධ්‍යක්ෂවරුන් හා වෙනත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.