• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම රජයේ අරමුණයි

He news 2017 02 02 1සියලු ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම තම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මඩකලපුව කලවංචිකුඩි මූලික රෝහලේ නව බාහිර ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ  (01) පෙරවරුවේ එක් වෙමිනි.ඉදිරි වසර තුන තුළ නැගෙනහිර පළාතේ සියලු සංවර්ධන අඩු පාඩු සම්පූර්ණ විය යුතු බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා එම සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය කාලයට වඩා ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.

රට තුළ තහවුරු වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස උපයෝගී කර ගනිමින් රජයට කොපමණ විවේචන එල්ල කළ ද එම විවේචන ශක්තියක් කර ගනිමින් රට ගොඩනැගීමේ වගකීම නිසි ලෙසම ඉටුකරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.රට නොබෙදෙන අයුරින් සංහිඳියාව ශක්තිමත් කර බලය බෙදීම සඳහා රජය කැපවී සිටින අතර ඒ පිළිබඳ මූලික කටයුතු ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට බලාපොරොත්තුවන බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

ශී‍්‍ර ලංකා රජයේ සහ ජයිකා ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් මිලියන 514ක වියදමින් ඉදිකර ඇති කලවංචිකුඩි මූලික රෝහලේ බාහිර ප‍්‍රතිකාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය සහිත නව දෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.වාට්ටු සංකීර්ණය සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.රෝහල් සංවර්ධන කමිටුව විසින් විශේෂ සිහිවටන තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. නසීර් මහතා ඇතුළු පළාතේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. මඩකලපුව පට්ටිරප්පු ජාතික පාසලේ සිසුවෙකු විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිතුමාගේ රුව සහිත සිතුවමක්ද එම සිසුවා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.විපක්ෂනායක ආර්. සම්බන්ධන්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අමීර් අලී, ෆයිසාල් කාසිම්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, පළාත් ඇමතිනී ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ද ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගානුමා මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද කලවංචිකුඩි රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සුගුණන් මහතා ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.