• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කොළඹ ප්‍රදේශයේ පාසල් තුළ යුධ හමුදාවේ දායකත්වයෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Defence news 2017 02 02සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්ධනය කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් තුළ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ඊයේ දින (පෙබ: 01) ආරක්‍ෂක අමාත්‍යාංශය සහ යුධ හමුදාව එක්ව සංවිධානය කොට ක්‍රියාත්මක කරන ලදී.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල් 47ක් ඍජුව ම ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මෙහිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කොට්ඨාස 8 කට බෙදා (කොලොන්නාව, බත්තරමුල්ල, කඩුවෙල, පිටකෝට්ටේ, හංවැල්ල, හෝමාගම, කහතුඩුව හා පාදුක්ක) එම ප්‍රදේශ අයත් වන යුධ හමුදා ඒකකවලට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී තිබුණි. ඒ අනුව භටපිරිස් අදාළ පාසල් වලට ගොස් මදුරුවන් බෝවන ස්ථාන සොයාබලා එම ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

කොලොන්නාව ප්‍රදේශයේ පසල් 12 ක්, 11 වැනි බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව මගින්ද, බත්තරමුල්ල, කඩුවෙල, පිටකෝට්ටේ ප්‍රදේශවලට අයත් පාසල 10ක් ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වැනි ස්වේච්ඡා බළඇණිය මගින්ද, හංවැල්ල, හෝමාගම, කහතුඩුව සහ පාදුක්ක යන ප්‍රදේශවල පාසල් 25ක් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 10 වැනි බලඇණිය මගින් ද ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක විය. මේ සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර), 14 වැනි සේනාංක මුලස්ථානය, 8 වැනි බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායට අයත් භට පිරිස් සහභාගි වූ අතර එම ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරින් සහ එම විද්‍යාලවල ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ද මේ වෙනුවෙන් සහයෝගය දක්වන ලදී. වත්මන් වැසි සහිත කාලගුණයත් සමඟින් ජලය එකතුවීම සහ එමගින් ඩෙංගු වාහක මදුරුවන් බෝවිමට අවශ්‍ය පසුබිම පහසුවෙන් නිර්මාණයවීම තුළින් මෙම මාරාන්තික රෝගය පැතිරීමේ වැඩි අවදානමකට මෙම ප්‍රදේශ ලක්විය.

එය මර්ධනය කිරීම ජාතික කටයුත්තක් ලෙස සලකා යුධ හමුදාව වෙතින් සිදුකරන සමාජ සත්කාරයක් ලෙස මෙම කටයුත්ත ආරක්‍ෂක අමාත්‍යාංශය සහ යුධ හමුදාව එක්ව සංවිධය කර තිබුණි. ජනවාරි මස මුල් සතියේ යාපන අර්ධද්වීපයේ පාසල් 147ක සහ සහ තෙවන සතියේ පාසැල් 67ක මෙලෙස විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය මගින් භටපිරිස් යොදවා සංවිධානය කර තිබුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.