• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් කල්තොට ට

Balangodaජනතාවගේ පහසුව වෙනුවෙන් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් කල්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට පියවර ගෙන ඇත.

බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩි පෙදෙසක් භූවිෂමතාවය අනුව මුහුදු මට්ටමේ සිට අඩි 1500ට වඩා උසින් පිහිටා ඇත. ඵහෙත් ඊට අයත් ග්‍රාමසේවා වසම් 12කට වැඩි වසම් රැසක අවශ්‍යතාවය වන කල්තොට ගොවි ජනපද කලාපය මුහුදු මට්ටමේ සිට අඩි 450ක පමණ වු භූවිෂමතාවයකින් යුතුව මහවල තැන්න සානුවේ පහළ බෑවුමේ හුදෙකලා කලාපයක් ලෙස පිහිටා ඇත.මේ දුෂ්කරතා හේතු කොට ගෙන ජනතාවගේ පහසුව පිණිස බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් ආරම්භ කිරීමට කටයුතු සැකසෙමින් පවති.

ඵම උප කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ලබාගෙන ඇති ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සඳහා රු.3600000ක් වැය කර ඇත.මෙතෙක් කල්තොට ජනතාවට දුර බැහැරතාවය නිසා විදීමට සිදුවු අපමණ දුෂ්කරතාවයන් හා අපහසුතාවයන් පිළිබඳ ව ප්‍රදේශයේ සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශව බලධාරින් දැනුවත් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස මෙය ක්‍රියාත්මක වු බව බුදුගල රජමහා විහාරාධිකාරි බුදුගල සෝමරතන හිමිපාණන් දිස්ත්‍රික් මාධ්‍ය ඵ්කකයට පැවසුහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.