• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අභියෝග ජය ගැනීමේ ඉදිරි සැලසුම් රජය සතුයි

He news 2017 02 3නිරෝගිමත් ජනතාවක් බිහිකිරිමේ කාර්යයේදී අප මැලේරියා, බරවා සහ පෝලියෝ රෝගයෙන් නිදහස් වූ රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව තිබෙන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අභියෝග ජය ගැනීමේ ඉදිරි සැලසුම් ද වත්මන් රජය සතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල සමූපකාර රෝහලේ නව හෘද සහ උරස් ශෛල්යම ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (02) පස්වරුවේ එක් වෙමිනි. සංක්‍රමණිකයින් නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු පිළිබඳව ද රජය අවධානයෙන් පසුවන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය.ජනතාව මුහුණ දුන් දීර්ඝ කාලීන ගැටලුවක් වන ඖෂධ මිල පාලනය කරමින් ඖෂධ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ඖෂධ මිල පහත දැමීමට කටයුතු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වත්මන් රජය අත්කරගත් ජයග්‍රහණයක් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ය.

මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද ලබාදෙන දායකත්වය අගය කළ ජනාධිපතිතුමා බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ වගකීම රාජ්‍ය ප්‍රතිපත්ති අනුවම ඉටු කරන බවද ප්‍රකාශ කළේ ය. ඩෙංගු රෝගය මර්නදය කිරීම වෙනුවෙන් රජයේ වගකීම් උපරිම අයුරින් ඉටුකරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. සමරු ඵලකය නිරාවරණය කර නව ශල්‍ය ඒකකය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ගාල්ල සමූපකාර රෝහලට වසර 55 ක් සපිරීමට සමගාමීව මෙම නව ශල්‍ය ඒකකය විවෘත කෙරිණි. රෝහලේ වසර 20 ක සේවා කාලය අවසන් කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, දකුණු පළාත් කෘෂිකර්ම සහ සමූපකාර අමාත්‍ය යූ.ජී.ඞී. ආරියතිලක යන මහත්වරුන් ද දකුණු පළාත් සමූපකාර රෝහල් සංගමයේ සභාපති ඒ.ඞී.ජී. සරත්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.