• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රිය අනතුරු අවම කිරීමට රථ වාහන ආලෝක සංඥා පුවරු සවිකිරීම කඩිනමින්

road accidents20170203යාපනය දිස්ත්‍රික්කයේ මාර්ග ආශ්‍රිතව සිදුවන රිය අනතුරු ඉහළ යමින් පවතින බැවින් මෙම තත්ත්වය අවම කිරීමේ අදහසින් මාර්ග ආශ්‍රිත ව රථ වාහන ආලෝක සංඥා පුවරු සවිකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇත.

දිනෙන් දින රිය අනතුරු වලින් මිය යන හා ආබාධිත වන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවති. මේ වන විට යාපනය දිස්ති‍්‍රක්කය තුළ ද ඉහළ අනතුරු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බැවින්, මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාගේ උපදෙස් මත යාපනය දිස්ති‍්‍රක්ක පුරා විවිධ මට්ටමේ කණ්ඩායම් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් ආරම්භ කෙරිණි. 2016 වර්ෂයේ මාර්ග රිය අනතුරු විශ්ලේෂණය කිරීමේදී එම වර්ෂය අවසාන වන විය මාරක රිය අනතුරු 38952 සිදු වී ඇති අතර, බරපතල තුවාල ලද පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8518‍ වේ.

එමෙන් ම පුද්ගලයන් 2961 මිය ගොස් ඇත. (පදිකයන් 865, පසුපැදිකරුවන් 207, රියදුරන් 240, මගීන් 457, පාපැදිකරුවන් 245, වෙනත් 05 වශයෙනි). 2016 වර්ෂය තුළදී යතුරුපැදි හේතුවෙන් සිදු වු මාරක රිය අනතුරු ප‍්‍රමාණය 1172 වු අතර, ඉන් මිය ගිය සංඛ්‍යාව 1219 වන බව ද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

 මෙම තත්ත්වය අවම කිරීමේ අරමුණින් පාසල් ළමුන්, රියදුරන්, පදිකවේදිකාව ප‍්‍රයෝජනයට ගන්නා මගීන්, පාපැදිකරුවන් දැනුම්වත් කිරීම හා පාපැදි වල පරාවර්ථිත ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. දශක තුනක්පුරා පැවති යුධ පසුබිමක ගොඩනැගුණු මානසිකත්වය මාර්ග නීති - රීති පිළිබඳ අනවබෝධය සහ රථවාහන ආලෝක සංඥා පුවරු නොමැතිවීම යාපනය දිස්ති‍්‍රක්කයේ මාර්ග අනතුරු හා මරණ වලට බලපෑ එක් ප‍්‍රධාන හේතුවක් විය. 

යාපනය නගරය තුළ මාර්ග සන්ධි 64ක් තිබුණ ද නිසි පරිදි රථවාහන ආලෝක සංඥා පුවරු ස්ථාපනය වී ඇත්තේ ස්ථාන දෙකතුනක පමණි. යාපනය ප‍්‍රදේශයේ මරණ හා අනතුරු අඩු කිරීමට නම් මෙහි සියලු ම සන්ධීන් වල රථවාහන ආලෝක සංඥා පුවරු ස්ථාපිත කළ යුතුවේ. රථවාහන ආලෝක සංඥා පුවරු ස්ථාපනය කිරීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරීය දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති අතර, එම කාර්යය ඉක්මනින් ඉටු කිරීමට මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.