• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉතියෝපියාවේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කෙරේ

Ethopia and srilanka20170202ඉතියෝපියාව නව ශ්‍රී ලංකා තානාපති  කාර්යාලය එරට අගනුවර වන අඩිස්අබාබා හිදී ඊයේ (02) නිල වශයෙන් විවෘත කෙරිණ.

ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ එරට විදේශ අමාත්‍ය ආචාර්ය වර්ක්නේ ගෙබෙයෙහු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීම සිදු කෙරුණ බව විදේශ අමාත්‍යාංශය පවසයි. එරට නව ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන්  සුමිත් දසනායක මහතා පත් කර ඇති අතර ඔහුද එදින සිට එම ධූරයේ  රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇතැයි ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඉතියෝපියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් හා අඩිස් අබා හි පිහිටි  රටවල් 54ක සාමාජිකත්වයෙන් යුතු අප්‍රිකා සංගමය සමඟ පවතන සබඳතා වෙනුවෙන්  රජය විසින් මෙම නව තානපති කාර්යාලය පිහිටු වූ බවද එම අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හා ඉන් පිටතදී ශ්‍රී ලංකාවට  නිරන්තරයෙන් සහාය දක්වන අප්‍රිකා සංගම් මූලස්ථානය පවතින්නේද අඩිස් අබාබා අගනුවර වන අතර, නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එරට පිහිටුවීම තුළින් අප්‍රිකා සංගමය හා ශ්‍රී ලංකාව අතර සබඳතාව වැඩිදියුණු කර ගැනීම රජය අරමුණ කෙරේ.

නොබැඳි ජාතීන්ගේ සංවිධාන සාමාජිකයින් වශයෙන් 1972 වසරේදී ඉතියෝපියාව හා ශ්‍රී ලංකා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබීය. මෙතෙක් ශ්‍රී ලංකාව එරට සමඟ ද්විපාර්ශවික සබඳතා පවත්වනු ලැබුවේ කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යටතේය.

ඉතියෝපියාවද මෙරට සමඟ තානාපති සබඳතා පැවැත්වූයේ නවදිල්ලියේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලය සමඟ ය.තානාපති කාර්යාලය අඩිස් අබාබා හි ,බෝලේ සබ් සිටි ,කෙබෙලේ හි අංක 875 දරණ ස්ථානයේ පිහිටා ඇති අතර 251-11-6154-681  හෝ  251-11-8334-175  යන දුරකතන අංකයන් ඔස්සේ හෝ  251-11-6154-785   යන ෆැක්ස් අංකයන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑල ඔස්සේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවිය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.