• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මක යි

RTIජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රාජ්‍ය සංකල්පයේ ප්‍රධානත ම මැතිවරණ පොරොන්දුවක් වූ තොරතුරු දැන ගැනීමේ පනත අද (03) සිට බලාත්මක වේ.

තොරතුරු දැනගැනීමේ පනත පසුගිය වසරේ අගෝස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබීය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අනුව අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක මාණ්ඩලික හෝ ඕනෑම රාජ්‍ය ආයතනයක සන්තකය භාරකාර හෝ පාලනයේ ඇති තොරුතුරුවලට ප්‍රවේශ වීම සඳහා ඕනෑම සෑම පුරවැසියෙකුට ම අයිතිවාසිකම් ඇති බව සඳහන් වේ.

ඒ අනුව තොරතුරු ලබා ගත හැකි පොදු අධිකාරීන් නම් කර ඇති අතර, ඒ යටතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා, රජයට අයත් සමාගම් පාළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු තවත් ආයතන රැසක් ඇතුළත් වේ.

 එමෙන් ම තොරතුරු හෙළි කිරීම වරදක් ලෙස ගැණෙන කරුණු රැසක් ද අදාළ පනතෙහි සඳහන් වේ.ඒ අනුව අන්තර්ජාතික ගිවිසුම් සම්බන්ධ රහසිගත තොරතුරු, ආණ්ඩුවේ ආර්ථික හෝ මූල්‍යමය ප්‍රතිපත්තිවලට අදාළ සංවේදී තොරතුරු මෙන්ම පුද්ගලික වෛද්‍ය වාර්තා සම්බන්ධ තොරතුරු මෙවැනි කරුණු හෙළිකිරීම දඩුවම් ලැබිය හැකි වැරදි ලෙස එහි සඳහන් ව ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.