• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නිදහස් දිනට සමඟාමී ව විශාලත ම ජාතික කොඩිය මාතලෙන්

sri lanka national independence day69 වන ජාතික නිදහස් උළෙලට සමඟාමී ව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය ආයතන ඒකාබද්ධව සංවිධානය කෙරෙන දිස්ත්‍රික් නිදහස් සමරු උළෙල පෙබරවාරි 04 දා පෙ.ව. 8.30 ට මාතලේ හින්දු විද්‍යාලීය ක්‍රිඩාංගණයේදී  අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

මාතලේ දිස්ත්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන් මෙම උළෙලේ ආචාර පෙළපාලියට  ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සිවිල් ආරක්ෂක බලකාය, මාතලේ දිස්ත්‍රික්කයේ පාසල්, සංස්කෘතික මධ්‍යස්ථාන, රතු කුරුස සංවිධානය, ශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම, පරිසර නියමු බට කණ්ඩායම්, බාල දක්ෂ කණ්ඩායම්, ඇතුළු 4000කට අධික පිරිසක්  සම්බන්ධවේ.

69 වන නිදහස සංකේතවත් කරමින් ජාතික ධජ 69ක් රැගත් පාසල් ශිෂ්‍ය කණ්ඩායමක් ද ආචාර පෙළපාලියේ ගමන් කිරීමට නියමිත වේ.පෙ.ව. 8.50 ට ජාතික කොඩිය එසවිමෙන්  ආරම්භ කෙරෙන නිදහස්  උත්සවයේ දී ලංකාවේ විශාලත ම ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යලයේ සිසුවියන් 450 දෙනෙකු විසින් අලංකාර සරඹ සංදර්ශනයක් මගින් කොඩිය ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, එහි දිග අඩි 80 සහ පළල අඩි 40 වේ. මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය නිදහස් අභිනන්දනය ඉදිරිපත් කරන අතර 69 වන නිදහස් දිනය සමරා බැලුන් 69ක් අහසට මුදා හැරිම ජාතික තරුණ සේවා සභාව මගින් සිදු කරයි.

නිදහස් දිනයට සමඟාමී ව පැවති මාර්ග ධාවන තරග, වොලිබෝල් තරග මෙන්ම උත්සවයට සමඟාමී ව විකාශය වූ නිදහස් ගුවන් විදුලියේ නිවේදන කටයුතු සිදු කළ දරුවන්ට සහ නිදහස් දින කථා පැවැත් වූ පාසල් දරුවන්ට තිළිණ සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී  සිදු කෙරේ. ආචාර පෙළපාලිය උත්සව අවසානයේ හින්දු විද්‍යාලයෙන් ආරම්භ වී ඒ 9 මාර්ගය ඔස්සේ මාතලේ නුග ගහමුල බස් නැවතුම අසලින් ප්‍රධාන වීදියට ප්‍රවේශ වී රෝස වීදියෙන් දකුණට හැරි විහාර පාර ඔස්සේ ගමන් කොට ශාන්ත තෝමස් ක්‍රිඩාංගණයෙන් විසිර යාමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.